Latest News

හීත්‍රෝ ගුවන්තොටුපළ වසා දැමූ ට්‍රාන්ස්ෆෝමරයේ පිපිරීම ගැන විශේෂ විමර්ශනයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එංගලන්තයේ බටහිර ලන්ඩනයේ විදුලි උපපොළක ට්‍රාන්ස්ෆෝමරයක් පසුගියදා හදිසියේ ගිනිගෙන පිපිරීමේ සිදුවීම සම්බන්ධව කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස බ්‍රිතාන්‍ය අමාත්‍ය මණ්ඩලය බලධාරින්ට නියෝග කර තිබෙනවා.

ගින්න හටගැනීමත් සමඟ ඊට කිලෝමීටර් 3ක් පමණ ආසනයේ පිහිටි හීතෘ ගුවන්තොටුපොළේ සියලු මෙහෙයුම් පැය 24ක කාලයකට අත්හිටුවීමට සිදුවූ අතර, බ්‍රිතාන්‍ය ප්‍රතිත්‍රස්ත ඒකකයේ උපදෙස් මත පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පොලීසිය පියවර ගෙන තිබුණා.

කෙසේ වුවද එය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවට තහවුරු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ගින්න හේතුවෙන් යුරෝපයේ කාර්යබහුලතම ගුවන්තොටුපොළ වන හීතෘ ගුවන්තොටුපොළේ ගුවන් ගමන් වාර 1,300ක් ප්‍රමාද කිරීමට සිදුවූ බවත්, ලක්ෂ 3කට අධික මගීහු බලවත් දුෂ්කරතාවට පත්වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

තත්ත්වය සැලකිල්ලට ගෙන ගුවන්තොටුපොළ දක්වා ධාවනය වීමට නියමිත සියලු දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට එරට ජාතික දුම්රිය ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා.

ගින්න මැඬ පැවැත්වීමෙන් පසු ගුවන්තොටුපොළේ මෙහෙයුම් යළි ආරම්භ වූවද, ගුවන් ගමන් සියයකට වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවීමෙන් මගීන් දසදහසක් වෙනුවෙන් අතිරේක පහසුකම් සැපයීමට ගුවන්තොටුපොළේ බලධාරීන්ට සිදුවූ බවටයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today