Latest News

උත්සව සමයයේදී පාරිභෝගික අධිකාරියෙන් කරන්න යන දේ මෙන්න

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එම අධිකාරිය පැවසුවේ අදාළ වැටලීම් අප්‍රේල් මස 25 වැනි දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

එහිදී හෙට (25) දිනයේ සිට ප්‍රධාන තොග අළෙවිසැල් සහ ගබඩා පරීක්ෂා කරමින් කල් ඉකුත් වූ ආහාර හා තොරතුරු වෙනස් කරන ලද භාණ්ඩ වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමටත් උත්සව සමයේදී වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයින්ට සිදුවිය හැකි අසාධාරණයන් හා ගැටලු මගහැරවීම සඳහාත් කටයුතු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම අදාල කාලසීමාව තුළදී සුපිරි වෙ‍ෙළඳසැල්ද ඇතුළුව සිල්ලර වෙ‍ෙළඳසැල්, සේල් හා ජංගම ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුකිරීමට නියමිතයි.

අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට අමතරව ඇඳුම් පැළඳුම්, කල් පවතින භාණ්ඩ සහ විදුලි උපකරණ මෙම කාලසීමාව තුළදී වැඩි ඉල්ලුමක් සහිතව අලෙවි වන බැවින් එවැනි වෙ‍ෙළඳසැල් සම්බන්ධව ද වැඩි අවධානයන් යොමු කරන ලෙස නිලධාරින් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

අත්‍යාවශ්‍ය භාණ්ඩ සම්බන්ධව සිදුකරනු ලබන වැටලීම්වලදී කීරි සම්බා සහ සම්බා සහල් වැඩි මිලට අලෙවි කිරීම හා සඟවා තබා ගැනීම සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම මෙම කාලසීමාව තුළදී අන්තර්ජාලය හරහා සිදුකරන මිලදී ගැනීම්වලදී වඩාත් සැලකිලිමත් වන ලෙස පාරිභෝගිකයන් දැනුම්වත් කිරීමට නියමිතයි.

තවද මෙම කාලසීමාව තුළ වෙළෙඳසැල් වැටලීම් සහ විමර්ශන සඳහා විශේෂ කණ්ඩායම් යෙදවීමට ද කටයුතු කරනු ලබන අතර වැරදි සිදු කරනු ලබන වෙළෙදුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට ද නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

පාරිභෝගික අධිකාරිය පැවසුවේ උත්සව සමය තුළදී පාරිභෝගිකයින්ට ඇතිවන ගැටලු කාර්යාල වේලාව තුළදී 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ එම අධිකාරිය වෙත පැමිණිලි කිරීමටත්, අවශ්‍ය උපදෙස් ලබාගැනීමටත් හැකියාව ඇති බවයි.

World News

Send your contact Details Today