Latest News

අනතුරට පත් වූ K-8 ජෙට් යානය ගැන පරීක්ෂණවලින් හෙළි වූ දේ

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වාරියපොලදී අනතුරට ලක්වූ ගුවන් හමුදාවට අයත් චීනයේ නිෂ්පාදිත K-8 ජෙට් යානයේ දෝෂයක් නොමැති බව පරීක්ෂණ මඟින් තහවුරුවී තිබෙන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාවෙන් ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමේ යානයක් පසුගිය සිකුරාදා (21) වාරියපොල, ඉහළ මිනුවන්ගැටේ, වෙලගෙදර ප්‍රදේශයේ පොල්වත්තකට කඩා වැටුණා.

ඉන් ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළේ, සත් පුද්ගල කමිටුවක් විසින්.

කෙසේවුවද, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සියලු K-8 වර්ගයේ ජෙට් යානාවල ප්‍රමිති පරික්ෂාවක් සිදුකරන බව, ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණා.

K-8 වර්ගයේ ජෙට් පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ උපදෙස් මත එම පරීක්ෂාව සිදු කරන බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවා.

එහිදී අවශ්‍යතාවක් මතුවුවහොත්, විදෙස් පරීක්ෂක කණ්ඩායම් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ද, ඔහු සඳහන් කළා.

World News

Send your contact Details Today