Latest News

කැනඩා පාර්ලිමේන්තුව විසුරුවා හැරේ – ඡන්දය පැවැත්වීමට දිනය නියම කරයි

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කැනඩාවේ නව අග්‍රාමාත්‍ය මාර්ක් කානී විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.

ඒ, අනුව එරට අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළේ පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 28 වනදා පවත්වන බවයි.

කැනඩාව මේ වනවිට එක්සත් ජනපදය සමඟ වෙළඳ යුද්ධයකට මුහුණ දෙන අතර, කැනඩාව ඇමරිකාවේ 51 වන ප්‍රාන්තය බවට පත් කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්පගේ බලපෑම මද මෙම මැතිවරණය පැවැත්වෙනවා.

ඒ, අනුව මෙවර මහ මැතිවරණයේ දී මම කරුණ කැනඩා ඡන්දදායකයින්ගේ මනසෙහි ප්‍රමුඛතම ගැටළු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර කැනඩා අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ඩොනල්ඩ් ට්‍රම්පගේ අහිතකර බදු ප්‍රතිපත්ති මගින් ඇති කරන පීඩනයට එරෙහිව සටන් කිරිම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීම සිය අරමුණ බවයි.

හිටපු අගමැති ජස්ටින් ටෲඩෝ ඉල්ලා අස්වීමත් සමඟ පාලක පක්ෂ නායකත්වයට පත් වූ මාර්ක් කානී අග්‍රාමාත්‍ය ධුරයට පත්ව දින නවයකට පසුව මෙම මහ මැතිවරණය කැඳවීම විශේෂත්වයක්.

World News

Send your contact Details Today