Latest News

සුඩානයේ බල පෙරළියක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සුඩාන රජයේ හමුදා එරට මහ බැංකුවේ බලය ද යළි අත්පත් කර ගැනීමට සමත්වී තිබෙනවා.

සුඩාන කැරලිකාර කණ්ඩායම් සතුව තිබූ එරට මහ බැංකු මූලස්ථානයේ බලය මෙලෙස යළි අත්පත් කර ගැනීමට සුඩාන හමුදාවට හැකිවූයේ ජනාධිපති මන්දිරයේ බලය අත්පත්කරගෙන දිනකට පසුවයි.

කාටූම් නගරයේ බොහෝ ප්‍රදේශවල බලය මේ වන විට තම පාලනය යටතේ පවතින බව සුඩාන හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

කෙසේ වුවද ඩ්‍රෝන යානා යොදාගනිමින් කැරළිකරුවන් සුඩාන හමුදාවට ප්‍රති ප්‍රහාර එල්ල කරන බවටයි වාර්තා වන්නේ.

එම ඩ්‍රෝන ප්‍රහාරයන්ගෙන් හමුදා සෙබලුන් කිහිප දෙනෙකු මෙන්ම මාධ්‍යවේදීන් තුන් දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

World News

Send your contact Details Today