බංග්ලාදේශයේ වෙසෙන සුළු ජාතීන්ට එරෙහි ප්රචණ්ඩත්වය හෙළා දකින බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම රට තුළ සිදුවන එවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියා අවම කිරීමට බංග්ලාදේශයේ අන්තර්වාර රජය ගන්නා උත්සාහයන් පිළිගන්නා බවද පෙන්වා දී තිබෙනවා.
බංග්ලාදේශයේ සියලු පුද්ගලයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා බංග්ලාදේශයේ අන්තර්වාර රජය තවදුරටත් පියවර ගත යුතු බවයි අමෙරිකාව අවධාරණය කර ඇත්තේ.
අමෙරිකාව බංග්ලාදේශයෙන් බලාපොරොත්තු වන්නේ එම තත්ත්වයේ අඛණ්ඩ වර්ධනයක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.