Latest News

අලුත් ඔලිම්පික් ක්‍රීඩාංගනයකට බ්‍රිස්බන් වැසියන්ගේ විරෝධයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රිස්බන් හි වික්ටෝරියා උද්‍යානයේ ආසන 60,000 කින් යුත් ඔලිම්පික් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට එරෙහිව විරෝධතාවක් පැවැත්වුණා.

මෙම සංවර්ධන ක්‍රියාවලිය නතර කරන ලෙසයි විරෝධතාකරුවන් ක්වින්ස්ලන්ඩ් රජයෙන් ඉල්ලා සිටියේ.

ඔවුන් පවසන්නේ ව්‍යාපෘතියෙන් උද්‍යානයේ ඇති ගස්වැල්වලට හානි සිදුවන බවයි.

එමෙන්ම ඔස්ට්‍රේලියා පළමු ජාතීන්ගේ ප්‍රජාවට වික්ටෝරියා උද්‍යානය ඉතා වැදගත් ස්ථානයක් වන බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

වික්ටෝරියා උද්‍යානය විනෝදාස්වාදයට මෙන්ම සොබාදහමේ පැවැත්ම වෙනුවෙන් පැවතිය යුතු බව විරෝධතාකරුවන්ගේ මතයයි.

වික්ටෝරියා උද්‍යානයේ පාරිසරික හා සමාජ හානිය වැළැක්වීම වෙනුවෙන් ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවන බව උද්ඝෝෂකයින් තරයේ කියා සිටිනවා.

World News

Send your contact Details Today