ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්රහාරක පුහුණු ජෙට් යානයක් කඩාවැටී තිබෙනවා.
ඒ වාරියපොල මිණුවන්ගැටේ ප්රදේශයටයි.
එම යානයේ නියමුවන් දෙදෙනා යානය කඩාවැටෙන අවස්ථාවේ ඉන් ආරක්ෂිතව ඉවත්වී ඇති බව ශ්රී ලංකා ගුවන් හමුදාව පැවසුවා.
ත්රිකුණාමලය චයිනා බේ ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහීගොස් පසුව කඩා වැටීමකට ලක්වුණු බවයි ශ්රී ලංකා ගුවන් හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.