ඊශ්‍රායලයෙන් එල්ලවන ප්‍රහාර වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස පලස්තීනය විසින් ජගත් ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කළා.
පසුගිය දිනවලදී එල්ලවූ ප්‍රහාරවලින් සිවිල් වැසියන් 436 දෙනෙකු මිය ගියා.
ඒ අතර කුඩා දරුවන් 183 දෙනෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඊයේ දිනයේදී එල්ලකළ ප්‍රහාරවලින් පුද්ගලයන් 70 දෙනෙකු මිය ගියා.
හමාස් සංවිධානයට එරෙහිව සිදුකරන මෙහෙයුම් දැඩි කරන බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ.