Latest News

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් වෙඩික්කරු

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ එනම් 2025.03.18 දින එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු 2023.05.12 අවිසාවෙල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින් දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීම, 2023.05.26 අවිසාවෙල්ල පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ වෙඩික්කරු ලෙස ක්‍රියා කිරීම සහ 2023.09.20 අවිසාවෙල්ල පුද්ගලයින් තිදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම හා තවත් පුද්ගලයෙකුට වෙඩිතබා බරපතළ තුවාල සිදු කිරීම යන අපරාධවලට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබුනා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර එම අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බව පොලීසිය පවසා තිබෙනවා.

World News

Send your contact Details Today