Latest News

මෙක්සිකානු ජනාධිපතිනියට හැකර් ප්‍රහාරයක්

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් ඇගේ පැරණි දුරකථනය සහ විද්‍යුත් තැපෑල හැක් කර තිබෙන බව සඳහන් කරනවා.

මෙක්සිකෝ නගරයේ ජාතික මාලිගයේ පැවති මාධ්‍ය හමුවකදී, ෂයින්බෝම් මේ බව සඳහන් කළා.

එමෙන්ම නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සඳහන් කළේ, ෂයින්බෝම්ගේ රජය පෙබරවාරි 27 වන දින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 29 දෙනෙකු එක්සත් ජනපදයට පිටුවහල් කිරීමෙන් නිර්භීත පියවරක් ගැනීමෙන් පසු ජනාධිපතිණියගේ දුරකථනය හැක් කර ඇති බවයි.

ඇපල් සමාගම මෙක්සිකෝවේ ඩිජිටල් පරිවර්තන දෙපාර්තමේන්තුව සමඟ සන්නිවේදනය කර ඇති බවත්, එය හැක් කර ඇති බව දන්නා බවත්, හැක් කරන ලද දුරකථනය සහ විද්‍යුත් තැපෑල යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බවත් ෂයින්බෝම් ප්‍රකාශ කළා.

මෙම දුරකථනය හිටපු සෙනෙට් සභිකයෙකු සහ කැම්පේචේ ආණ්ඩුකාර ලේඩා සැන්සෝර්ස්ගෙන් ලැබුණු තෑග්ගක් බවත් මැතිවරණ ව්‍යාපාරය අතරතුර ඇගේ දුරකථන අංකය සංසරණය වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

හැක් කරන ලද දුරකථනය සහ විද්‍යුත් තැපැල් ලිපිනය තවදුරටත් පුද්ගලික සන්නිවේදනය සහ ලිපි හුවමාරුව සඳහා භාවිතා නොකරන බව මෙක්සිකානු ජනාධිපතිවරිය පවසනවා.

එමෙන්ම ඇය පැවසුවේ හැක් කරන ලද දුරකථනය පිළිබඳව විමර්ශනය කරන බවයි.

World News

Send your contact Details Today