ආනයනික කිරිපිටි මිල අප්‍රේල් 01 වැනිදා සිට සියයට 4.7කින් ඉහළ යනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා.
ඒ අනුව, ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ යනු ඇති අතර, එහි නව මිල රුපියල් 1,100ක් වනු ඇති.
එමෙන්ම කිලෝ ග්‍රෑම් එකක පැකට්ටුවක මිල ද මෙම ප්‍රතිශතයෙන් ඉහළ යනු ඇති බවටයි වාර්තා වන්නේ.