Latest News

ඔස්ට්‍රේලියාවට Tesla එපා වෙයි

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගෝලීය වශයෙන්, ටෙස්ලා විකුණුම් පසුගිය මාසයේදී කඩා වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ස්කැන්ඩිනේවියාව පුරා 40%ක පමණ අඩුවීමක් සහ ජර්මනියේ 76%ක අඩුවීමක් සිදු ව තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.

එමෙන්ම පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව ඔස්ට්‍රේලියාවේද 72%කින් අඩු වී තිබෙනවා.

බොහෝ දෙනෙක් මස්ක්ගේ විවාදාත්මක දේශපාලනය එයට හේතුව බවයි පවසන්නේ.

ඔස්ට්‍රේලියාවේ විද්‍යුත් වාහන කවුන්සිලය කියා සිටින්නේ එරට ප්‍රවණතාවයට බලපාන වෙනත් පුළුල් සාධක ඇති බවයි.

සමාගමේ කොටස් මිල ගණන් වලටද පහරක් වැදී තිබෙන අතර, දෙසැම්බර් මාසයේ දී උච්චයට පත්වීමෙන් පසු 50%කින් පහත වැටී තිබෙනවා.

තවද මස්ක්ගේ පෞද්ගලික ධනය මේ වන විට බිලියන 120ක පහතයාමකට ලක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today