Latest News

චීනයේ ප්‍රථම නියමුවන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයේ මංගල ගමන මෙන්න (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයේ නිෂ්පාදිත TP1000 නම් නියමුවන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය, Shandong පළාතේ දී පෙරේදා (15) සිය පළමු ගුවන් ගමන සාර්ථකව දියත් කළා.

මෙය ගුවනේ සිට භාණ්ඩ බෙදාහැරිය හැකි චීනයේ නිෂ්පාදිත ප්‍රථම නියමුවන් රහිත මහා පරිමාණ ප්‍රවාහන ගුවන් යානාවයි.

‍ඩ්‍රෝන යානාවල ගුවන්ගත කිරීමේ ප්‍රමිතීන්ට අනුකූලව, චීනය මෙම ගුවන් යානය සම්පූර්ණයෙන්ම ස්වාධීනව පර්යේෂණ කරමින් නිෂ්පාදනය කර තිබෙනවා.

මෙම ගුවන් යානයෙන් ටොන් එකක ධාරිතාවක් දක්වා ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම සම්පූර්ණ බර ද සහිතව කිලෝමීටර් 1,000ක දුරක් ගමන් කිරීමේ හැකියාව ද මෙම යානය සතු වනවා.

TP1000 යානය ලබන වසරේ සිට නිල වශයෙන් භාවිත කිරීමට සැලසුම් කරන බවයි චීන වාර්තාවල දැක්වෙන්නේ.

World News

Send your contact Details Today