ඉන්දියාවේ ප්‍රවීණ සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කර තිබෙනවා.
ඔහුගේ පපුවේ වේදනාවක් හේතුවෙන් මෙලෙස රෝහලට ඇතුළත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ අනුව ඉන්දියාවේ පිහිටි චෙන්නායි ඇපලෝ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඔහු ඇතුළත් කර තිබෙනවා.
රහ්මාන් මේ වනවිට වෛද්‍ය කණ්ඩායමක දැඩි අධීක්ෂණය යටතේ පසුවන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.