දකුණු අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට ටොනේඩෝ (Tornado) සුළි කුණාටු තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා.
මෙම කුණාටු හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකුට වැඩි ගණනක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
මිසූරි ප්‍රාන්තයේ පමණක් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
මේ වන විට ඇරකැන්සාස් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති අතර, එයට හේතුව වී ඇත්තේ එම ප්‍රාන්තයේ කුණාටු හේතුවෙන් තිදෙනෙකු මිය යාම සහ 29 දෙනෙකු තුවාල ලැබීමයි.
එමෙන්ම ටෙක්සාස්, මිසූරි, සහ ඉලිනොයිස් ඇතුළු අමෙරිකාවේ ප්‍රාන්ත හයක් පුරා නිවාස ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයකට (240,000කට වැඩි) විදුලිය විසන්ධි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගස් කඩා වැටීම් සහ විදුලි රැහැන් ගැලවී යාම හේතුවෙන් ගොඩනැගිලිවලට ද හානි සිදුව ඇති බවට තවදුරට වාර්තා වනවා.