දරුවන් අතර ප්රචණ්ඩත්වය පාලනය කිරීම සදහා ඔවුන්ට ගැටුම් කළමණාකරනය පිළිබද අවබෝධයක් ලබා දිය යුතු බව මනෝ විශේෂඥයින් පවසනවා.
කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මේ බව කියා සිටියේ දරුවන් අතර මේ වන විට වැඩි වශයෙන් වාර්තා වන ගැටුම්කාරී තත්වයන් පිළිබද අවදානය යොමු කරමින්.
නුගේගොඩ නගරයේ පිහිටි උපකාරක පන්තියක් අසළ රථගාලකදී පිරිසක් විසින් සිසුන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සිසුන් හතර දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැණුනා.
උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටින තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි සිසුවෙකුට සහ ඔහුගේ මිතුරෙකුටයි අදාළ උපකාරක පන්තිය ඉදිරිපිට පිහිටි සුපිරි වෙළඳසැලක රථගාලේදී මෙම පහරදීම සිදු කර තිබුණේ.
පහර කෑමට ලක්වූ සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකු තවමත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
අත්අඩංගුවට ගත් සිසුන් අවුරුදු 14ත් 17ත් අතර අය වන අතර අද ඔවුන් ගංගොඩවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
එසේම පාසල් සිසුන් අතර මෙවන් ගැටුම්කාරී සිදුවීම් පසුගිය දිනවලද වාර්තා වුණා.
කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මේ සම්බන්ධයෙන් කියා සිටියේ දරුවන් අතර ප්රචණ්ඩත්වය ඉහළ යාම දෘෂ්ඨිවාදී ගැටලුවක් බවයි.