Latest News

ඔස්ට්‍රේලියා මැතිවරණයටත් ඊලෝන් මස්ක් රිංගයි

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉදිරි ෆෙඩරල් මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල කාර්යක්ෂමව ලබාදීම වෙනුවෙන් ලොව අංක එකේ ධනවතා ලෙස සැළකෙන ඊලෝන් මස්ක් ගේ Starlink සේවාවේ සහාය ලබාගැනීමට ඔස්ට්‍රේලියා මැතිවරණ කොමිසම සැලසුම් කර තිබෙනවා.

ඒ වෙනුවෙන් ඔස්ට්‍රේලියා මැතිවරණ කොමිසම Telstra සහ Starlink වෙත ඩොලර් මිලියන 1.38 ක කොන්ත්‍රාත්තුවක් ලබා ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

එම කොන්ත්‍රාත් කාලසීමාව 2027 වර්ෂයේ මැද භාගය දක්වා ක්‍රියාත්මකයි.

මෙම ගනුදෙනුවට අදාළ ගිවිසුම අත්සන් කර ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේදීයි.

ඒ අනුව NBN ජාලයේ ගැටළුකාරී තත්වයක් ඇති වුවහොත් ඊට විකල්පයක් වශයෙන් Starlink සේවාව භාවිත කෙරෙනු ඇති.

මේ හරහා ඔස්ට්‍රේලියානුවන්ට ඉදිරි ෆෙඩරල් මැතිවරණයට අදාළ ප්‍රතිඵල කඩිනමින් දැනගැනීමට අවකාශය හිමි වන බවද වැඩිදුරටත් සඳහන් වනවා.

World News

Send your contact Details Today