Latest News

වසර 37 කට පසු ලොව විශාලතම අයිස් කන්දේ වෙනස්වීමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව විශාලතම අයිස් කන්ද වසර 37 කට පසු යළිත් පාවීමට පටන්ගෙන තිබෙනවා.

A23a ලෙස නම් කර ඇති මෙම අයිස් කන්ද, ඇන්ටාක්ටිකා මුහුදු තීරයේ අයිස් තට්ටුවකින් වෙන් වූයේ 1986 වසරේදීයි.

එය මේ වනවිට කැන්බරා මෙන් හතර ගුණයක් පමණ විශාලත්වයකින් යුක්ත බවයි මාධ්‍ය වාර්තා පළවන්නේ.

බර අයිස් ටොන් ට්‍රිලියනයක් පමණ වන මෙය වර්ග කිලෝමීටර් 3,100 ක විශාලත්වයකින් යුක්ත අතර එහි උස මීටර් 300 කට ආසන්නයි.

එම ප්‍රදේශයේ පෙන්ගුයින් විශාල ප්‍රමාණයක් වාසය කරන අතර එමගින් මිලියන ගණනක සමුද්‍ර ජීවීන්ට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවයි පරිසර ආරක්ෂකයින් පෙන්වාදෙන්නේ.

ලොව විශාලතම අයිස් කන්ද මේ වනවිට දකුණු ජෝර්ජියා සමුද්‍රයේ කිලෝමීටර 80 ක් ඈතින් සිරවී පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා.

ගෝලීය උණුසුම ඇන්ටාක්ටිකා අයිස් තට්ටු මෙලෙස දියවීමට හේතුව බවයි පරිසර ආරක්ෂකයින් අනතුරු අඟවන්නේ.

World News

Send your contact Details Today