යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් සමඟ සිදුකළ සාකච්ඡා ඵලදායී බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසනවා.
යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා යෝජිත සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් අමෙරිකා ජනාධිපතිවරයා, රුසියා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා වට කිහිපයක් සිදුකර තිබෙනවා.
පසුගිය දා මොස්කව් හිදී එක්සත් ජනපද නියෝජිත ස්ටීව් විට්කොෆ් රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් හමුවූ අවස්ථාවේ දී යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් යහපත් ප්රතිචාර ලැබි ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර යුක්රේන ජනාධිපති වොල්දෝමීර් සෙලෙන්ස්කි චෝදනා කරන්නේ රුසියා ජනාධිපතිවරයා යුද්ධය දිගටම පවත්වාගෙන යාමට උත්සහ කරන බවටයි.
සටන් විරාම යෝජනාවලට මුවා වී සෙල්ලම් කිරීමට රුසියාවට ඉඩ නොදිය යුතු බව ද යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අමෙරිකාව පවසන්නේ යුද්ධය අවසන් කිරීමට එකඟතාවලට එළඹෙන්නේ නැති නම් රුසියාවට ද දැඩි ආර්ථික පිඩනයක් එල්ල කරන බවයි.