Latest News

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩකයාගෙන් ඉන්දියාවට දොස්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බටහිර ඉන්දීය කොදෙව් හිටපු විශිෂ්ඨ ක්‍රීඩක සර් ඇන්ඩි රොබට්ස් ඉන්දියාව දැඩි සේ විවේචනයට ලක්කර තිබෙනවා.

ඒ “ඉන්දියාවට සියල්ල ලබා ගත නොහැකි” බව ප්‍රකාශ කරමින්.

ඔහු පෙන්වාදෙන්නේ ඩුබායි හි ක්‍රීඩා කිරීමෙන්, ICC චැම්පියන්ස් කුසලාන ජයග්‍රහණය කිරීම සඳහා ඉන්දියාව වාසිදායක මාර්ගයක් නිර්මාණය කරගත් බවයි.

පාකිස්තානය විසින් සත්කාරකත්වය දරන තරඟාවලියේ, නවසීලන්තයට එරෙහිව කඩුලු හතරක ජයග්‍රහණයක් සමඟ ඉන්දියාව ශූරතාව තහවුරු කර ගත්තා.

ඉන්දීය රජය තම ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයට යාමට අවසර දීම ප්‍රතික්ෂේප කර තිබුණේ ආරක්ෂාව පිළිබඳ ගැටළු ඉස්මතු කරමින්.

කෙසේවෙතත් සර් ඇන්ඩි රොබට්ස් පෙන්වාදෙන්නේ, ඩුබායි හි ක්‍රීඩා කිරීමෙන් ඉන්දියාවට විශාල වාසියක් අත්වූ බවයි.

“යමක් දිය යුතුයි…ඉන්දියාවට සියල්ල ලබා ගත නොහැකියි… චැම්පියන්ස් කුසලානයේදී, ඉන්දියාවට කිසිසේත් සංචාරය කිරීමට සිදුවුණේ නෑ. තරගාවලියක් අතරතුර කණ්ඩායමකට සංචාරය කළ නොහැක්කේ කෙසේද? එය සාධාරණ නැහැ, එය ක්‍රිකට් නෙවෙයි… සම මට්ටමේ ක්‍රීඩා පිටියක් තිබිය යුතුයි. ඉන්දියාවෙන් විශාල මුදලක් ලැබෙන බව මම දන්නවා. නමුත් ක්‍රිකට් එක රටක ක්‍රීඩාවක් නොවිය යුතුයි.” ලෙසයි ඔහු වැඩිදුරටත් චෝදනා කළේ.

දැන් ඉන්දියාව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) බලය අත්පත්කරගෙන සිටින බව පවසන සර් ඇන්ඩි රොබට්ස් වැඩිදුරත් මෙසේද සඳහන් කරනවා.

“ඉන්දියාව සියල්ල නියමකරනවා. හෙට ඉන්දියාව කියනවා නම්, ‘නෝ-බෝල සහ වයිඩ්’ තිබිය යුතු නැහැ කියලා, ICCය ඉන්දියාව තෘප්තිමත් කිරීමට ක්‍රමයක් අනිවාර්යයයෙන්ම සොයා ගනීවි”

World News

Send your contact Details Today