Latest News

තවත් බංග්ලාදේශ ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බංග්ලාදේශයෙන් බිහිවූ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන මහමුදුල්ලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

39 හැවිරිදි ඔහු 2021දී ටෙස්ට් තරඟවලටත් 2024දී පන්දුවාර විස්සයි විස්ස තරගවලටත් සමුදුන්නා.

ඒ අනුව තමන් දැන් එක්දින ක්‍රිකට් පිටියෙන්ද විශ්‍රාම ගන්නා බව මහමුදුල්ලා ප්‍රකාශ කර තිබෙනවා.

එක්දින තරග 239කට ක්‍රීඩා කර ඇති ඔහු රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 5,689ක්.

එය සැලකෙන්නේ බංග්ලාදේශය වෙනුවෙන් එක්දින පිටියේ කිසියම් පිතිකරුවෙකු රැස්කළ සිව්වන වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මහමුදුල්ලාගේ දීර්ඝ කාලීන කණ්ඩායම් සගයෙකු වන මුෂ්ෆිකර් රහීම්ද මීට සතියකට පෙර එක්දින පිටියෙන් විශ්‍රාම ගත්තා.

World News

Send your contact Details Today