Latest News

පිලිපීනයේ සංවේදී ප්‍රදේශ ආසන්නයේ ඔත්තු බැලූ චීන්නු දෙන්නෙකුට වැඩ වරදී

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංවේදී ප්‍රදේශ ආසන්නයේ ඔත්තු බැලීමේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ චීන ජාතිකයන් දෙදෙනෙකු පසුගිය ද පිලිපීනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සැපයූ පිලිපීන ජාතිකයන් තිදෙනෙක් ද සමගින්.

ඔවුන් ජනාධිපති මන්දිරය, එක්සත් ජනපද තානාපති කාර්යාල පරිශ්‍රය, පිලිපීනයේ සන්නද්ධ හමුදා මූලස්ථානය, පිලිපීන ගුවන් හමුදා මූලස්ථානය වෙත කැඳවා ගෙන ගොස් ඇත්තේ අදාළ පිලිපීන ජාතිකයන් විසින් බව හෙළිව තිබෙනවා.

ඔවුන් සතුව තිබී කිලෝමීටරයක සිට කිලෝ මීටර් 3ක් දක්වා අරයක් තුළ තොරතුරු රැස් කළ හැකි උපකරණයක් ද පොලිස් භාරයට ගෙන ඇතැයි සඳහන්.

ජාතික විමර්ශන කාර්යාංශයට අනුව, ඔවුන් අත්අඩංගුවට ගැනීමට පෙර “දහස් ගණනක්” දත්ත එකතු කර ඇතැයි පැවසෙනවා.

World News

Send your contact Details Today