Latest News

පකිස්ථානයේ කැරලිකරුවන්ගේ ග්‍රහණයට ගත් දුම්රිය මුදාගත් මෙහෙයුම (VIDEO)

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පකිස්ථානයේ සටන්කාමීන් පිරිසක් ප්‍රාණ ඇපයට ගත් දුම්රිය මගීන් 346 දෙනෙකු මුදාගෙන තිබෙනවා.

පෙරේදා දහවල් බලොකිස්තාන් ප්‍රාන්තයේ ක්වෙටා සිට පෙෂාවර් බලා ධාවනය කෙරුණු ජෆාර් එක්ස්ප්‍රස් දුම්රිය, කැරලිකරුවන් පිරිසකගේ ග්‍රහණයට ලක්වුණා.

එම අවස්ථාවේ දුම්රියේ සිටි මගීන් සංඛ්‍යාව, 400 කට අධිකයි.

පැය 48 ක් තුළ දේශපාලන සිරකරුවන් පිරිසක් නිදහස් නොකළහොත් මගීන් සමග දුම්රිය පුපුරුවා හරින බවටයි සටන්කාමීන් අනතුරු ඇඟවුවේ.

පකිස්තාන ආරක්ෂක අංශ නිවේදනය කළේ , දැඩි පරිශ්‍රමයකින් දරා සිවිල් වැසියන් මුදා ගැනීමට හැකිවූ බවයි.

දුම්රිය අත්පත් කරගත් සටන්කාමීන් 33 දෙනාම ඝාතනය කළ බව ද පකිස්තාන බලධාරීන් සඳහන් කළා.

දෙපාර්ශ්වය අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී ප්‍රාණ ඇපකරුවන් 27 දෙනෙකු මියගොස් තිබෙනවා.

‘බලොක් විමුක්ති හමුදාව’ නැමැති අදාළ කැරලිකරුවන් පිරිස දුම්රිය මාර්ගය පුපුරුවා හැරීම හේතුවෙන් ආරක්ෂක අංශ එම ප්‍රදේශයට ළඟාවූයේ දැඩි අසීරුතා මධ්‍යයේයී.

World News

Send your contact Details Today