2025 ජුනි මාසයේදී පැවැත්වීමට නියමිත 2025 දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ (SAFF) ශූරතාවලිය සඳහා සත්කාරකත්වය ශ්රී ලංකාවට හිමිව තිබෙනවා.
ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වර් උමාර්ගේ විධිමත් ඉල්ලීමකට අනුව SAFF සාමාජික රටවල් විසින් මෙම සුවිශේෂි තීරණය ගෙන ඇති බව වාර්තා වනවා.
ශ්රී ලංකාව අවසන් වරට 2008 දී SAFF ශූරතාවලියට සත්කාරකත්වය ලබා දුන් අතර වසර 17ක් දිගු කාලයක් බලා සිටීමෙන් අනතුරුව, දකුණු ආසියාවේ ලෝක කුසලානය ලෙස සැලකෙන මෙම තරඟාවලිය සඳහා ශ්රී ලංකාවට නැවත වරත් අවස්ථාව ලැබෙනු ඇති.