Latest News

දේශබන්දුගේ ඉල්ලීමකට අභියාචනාධිකරණ තීරණය දෙන දිනය දැනුම්දෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණ‍ය දී ඇති නියෝගය බලරහිත කරන ලෙස හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (12) සලකා බැලුණා.

ඒ අනුව එහි තීන්දුව එළැඹෙන 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි අභියාචනාධිකරණය නියෝග කර ඇත්තේ.

අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාෆීර් සහ සරත් දසනායක යන විනිසුරු මඬුල්ල ඉදිරියේ දී කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කෙරුණා.

පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්‍යය රොමේෂ් ද සිල්වා මහතා කරුණු දැක්වූ අතර වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා කරුණු දක්වනු ලැබුවා.

එහිදී අතිරේක අධිකරණ සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වාදුන්නේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ඉදිරිපත් වූ නිසි සාක්ෂි අනුව නීතියට අනුකූල ව බව ද සඳහන් කළා.

World News

Send your contact Details Today