ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට පැතිර යන කටකතා අසත්‍ය බවට තොරතුරු වාර්තා වනවා.
ඇය මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බවට පවුලේ ඥාතීන් පවසනවා.
තවත් දින දෙකකින් ඇගේ ප්‍රතිකාර අවසන් වී ඇය නිවෙස වෙත යෑමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
එමෙන්ම ජනතාවට එවැනි අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙසත් අදාළ අසත්‍ය පුවත් මුදාහරින පිරිස් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු සිදුකර ඇති බවත් ඇගේ පවුලේ ඥාතීන් සඳහන් කළා.