Latest News

ගුවන් යානයක අශෝභනව හැසිරුණු නාකි මනමාලයෙකු අත්අඩංගුවට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මඟියෙකු, එම ගුවන් යානය තුළ සිටි මඟීන්ට සහ ගුවන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම හේතුවෙන් ගුවන්තොටුපළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (12) අලුයම ගුවන් තොටුපොළ පොලිසිය මඟින් අදාළ මඟියාව එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු ස්වීඩනයේ සහ යාපනය, නාගද්වීපය ප්‍රදේශයේ පදිංචි, දෙරටෙහිම ද්විත්ව පුරවැසිභාවයහිමි 65 හැවිරිදි අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

මොහු අද අලුයම 12.45ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL – 144 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී, අධික ලෙස මත්පැන් පානය කර ඇති බව වාර්තා වී තිබුණා.

ඉන් අනතුරුව එම ගුවන් යානය තුළ සිටි මඟීන්ට කරදර වන ආකාරයට ඔහු හැසිරි ඇති අතර පසුව එම යානය තුළ සේවය කළ ගුවන් සේවිකාවන් දෙදෙනෙකු වෙතද ලිංගික අඩන්තේට්ටම් කිරීමට ද ඔහු තැත් කර තිබෙනවා.

පසුව ගුවන් යානයේ ආරක්ෂක නිලධාරීන් ඔහු මැඩ පවත්වා තිබූ අතර, මෙම සිදුවීම පිළිබඳව, ගුවන් නියමුවා දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබුණා.

ඒ අනුව සිදුකළ දැනුවත් කිරීම අනුව ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්ස වූ පසුව, ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන්, ගුවන් තොටුපොළ පොලිසිය සමඟ පැමිණ, මෙම ගුවන් මඟියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් මඟියාව පොලිසිය විසින් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර තිබූ අතර, එහිදී මොහු මත්පැන් පානය කර ඇති බවට කරුණු සනාථ වී ඇති අතර ඒ අනුව මොහු අද දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අංක 01 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

World News

Send your contact Details Today