Latest News

මර්වින්ට බන්ධනාගාරය තුළ ස්ථාන මාරුවක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මේ වන විට මහර බන්ධනාගාරයේ රෝහල් වාට්ටුවක් වෙත යොමු කර තිබෙනවා.

ඔහු සමග අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන සෙසු සැකකරුවන් දෙදෙනා සාමාන්‍ය වාට්ටුවක රඳවා සිටින බව ද සඳහන්.

රෝහල් වාට්ටුවක රඳවා ඇති මර්වින් සිල්වාට කිසිදු අමතර පහසුකමක් සපයා නොමැති බවයි පැවසෙන්නේ.

2015ට පෙර පැවති රජයේ අමාත්‍යවරයෙකුව හිඳිමින් රජයේ ඉඩමක් ව්‍යාජ ලිපි ලේඛන සකසා අළෙවි කළේ යයි එල්ල වූ චෝදනා මත සිදු කරන ලද පරීක්ෂණවලට අදාළව ඔහු අත්අඩංගුවට ගත්තා.

World News

Send your contact Details Today