Latest News

මහ මුහුද මැද නෞකා දෙකක් ගැටී දරුණු අනතුරක් (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රිතාන්‍ය වෙරළට ඔබ්බෙන් වූ උතුරු මුහුදු සීමාවේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක්, තෙල් ප්‍රවාහන නෞකාවක ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තෙල් නෞකාවේ විශාල ගින්නක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් පසු 36 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට හැකිව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් එක් නැවක සිටි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු තවමත් අතුරුදහන්ව ඇති බවයි වාර්තා වුණේ.

එරට වේලාවෙන් සඳුදා උදෑසන මෙම අනතුර සිදුව ඇති අතර, ජෙට් ඉන්ධන රැගෙන යාත්‍රා කරමින් තිබූ නෞකාවක් සහ අධික විෂ සහිත රසායනික ද්‍රව්‍ය රැගෙන යාත්‍රා කරමින් තිබූ නෞකාවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුරින් පසු ගුවන් යානයක්, හෙළිකොප්ටරයක් සහ ජීවිතාරක්ෂක බෝට්ටු පැමිණ ගින්න නිවා දැමීමටත් මුදවා ගැනීමටත් කටයුතු කරමින් ඇතැයි වාර්තා වනවා.

අනතුරට ලක්වූ තෙල් නෞකාව ඇමරිකානු ධජය යටතේ සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාව පෘතුගීසි ධජය යටතේ ගමන් ගත නෞකා දෙකක් බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today