ලොව පුරා රටවල් රැසක X සමාජ මාධ්‍ය වේදිකාව හදිසි බිඳවැටීමකට ලක්ව තිබෙනවා.
ඒ අනුව X මාධ්‍යය බිඳවැටීම හේතුවෙන් පරිශීලකයින්ගේ X සමාජ මාධ්‍ය ගිණුම් අක්‍රීය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ.
එමෙන්ම පැය කිහිපයක් පුරා පැවති දීර්ඝතම ඇනහිටීම මෙය බවයි විදෙස් මධ්‍ය පවසන්නේ.
මේ අතර මෙම බිඳවැටීම පිළිබඳව ඉලෝන් මස්ක් ගේ මාධ්‍ය වේදිකාවක් වන X සමාජ මාධ්‍ය පාර්ශවයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.
කෙසේවෙතත් මෙම බිඳ වැටීම සම්බන්ධයෙන් ඉලෝන් මස්ක් විසින් Fox නාළිකාවට පවසා ඇත්තේ යුක්රේන ප්‍රදේශයෙන් ආරම්භ වූ IP ලිපින සමඟ X පද්ධතිය බිඳ දැමීමට උත්සාහ කිරීම සඳහා දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බවයි.