ජර්මනිය පුරා ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර තිබෙනවා.
ඒ රාජ්‍ය අංශය සහ ප්‍රවාහන සේවකයින් නියෝජනය කරන වර්ඩි, වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් වන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන්.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉරිදා හැම්බර්ග් ගුවන් තොටුපළේදී අනපේක්ෂිත ලෙස ආරම්භ කර තිබෙනවා.
ෆ්‍රැන්ක්ෆර්ට්, මියුනිච්, බර්ලින් සහ අනෙකුත් ප්‍රධාන මධ්‍යස්ථානවල මගීන්ගෙන් ගුවන් තොටුපළවලට නොයන ලෙස ඉල්ලා ඇති අතර, මෙහෙයුම් දැඩි ලෙස අඩාල වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.