Latest News

සුමේධගේ හෙල්ලය ජපානයෙන් නතර වෙයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දියගමදී පැවැත්වුණු සුදුසුකම් ලැබීමේ තරගයකදී පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වට එක් වූ සුමේධ රණසිංහ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් හෝමාගම දියගම ක්‍රීඩාංගණයේ සංවිධානය කළ ජාතික මළල ක්‍රිඩා තේරීම් තරගයක දෙවන අදියරේදීයි.

එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර 85 දශම 7 යි 8 ක්. මෙම දක්ෂතාවත් සමග ඔහු ටෝකියෝ හී පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබනු ඇති.

මේ අතර හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මෙම වසරේ මේ දක්වා වාර්තා වූ ලොව හොඳම දක්ෂතාව දැක්වීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වී තිබෙනවා.

ඒ ඔස්ට්‍රේලියාවේ පැවති පර්ත් ට්‍රැක් ක්ලැසික් මලල ක්‍රීඩා තරගාවලියේදීයී.

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පර්ත් ට්‍රැක් ක්ලැසික් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග එක් වුණා.

එහිදී මීටර 85.41ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කිරීමට රුමේෂ් සමත්වුණා.

එම දක්ෂතාව හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මෙම වසරේ මේ දක්වා වාර්තා වූ ලොව හොඳම දක්ෂතාවයි.

ඒ අනුව මේ වසරේ එතෙක් වැඩිම දුර වාර්තා කර තිබූ ඉන්දියාවේ සචින් යාදව්ගේ මීටර 84.39 ක් විසිකිරීම දෙවැනි තැනට පත්වුණා.

රුමේෂ් තරංගට ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ඍජුව සුදුසුකම් ලබා ගැනීමට අවශ්‍යය පරිසාදන මට්ටම මෙහිදී අහිමි වුණේ සෙන්ටි මීටර 9කින් විමවිශේෂත්වයක් වනවා.

World News

Send your contact Details Today