ඉන්දියාව සහ නවසීලන්තය අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.30ට (යුරෝපීය වේලාවෙන් උදෑසන 10:00ට) ආරම්භ වීමට නියමිතයි.
ඉන්දියාව සහ නවසීලන්තය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන බොහෝ තරගාවලින්හි අවසන් මහා තරගවලට ප්‍රතිවාදීන් ලෙස සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයක් වනවා.
1998 වසරේ සිට ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සංවිධානය කෙරෙන අතර මේ දක්වා අවස්ථා දෙකක දී එහි ශූරතාව හිමිකර ගැනීමට ඉන්දියාව සමත්ව තිබෙනවා.
නවසීලන්ත කණ්ඩායම ද එක් වරක් ශූරයන්ගේ කුසලානය ජයග්‍රහණය කර තිබෙනවා.
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා නවසීලන්ත කණ්ඩායම අවස්ථා දෙකක දී සුදුසුකම් ලබා ඇති අතර ඉන්දීය කණ්ඩායම අවස්ථා 4 කදී සුදුසුකම් ලබා තිබෙනවා.
ඉන්දියාව සහ නවසීලන්තය 2000 වසරේ දී ශූරයන්ගේ කුසලන අවසන් මහා තරගයේ දී එකිනෙකා මුණ ගැසී ඇති අතර එය තරගය කඩුලු 4කින් ජය ගැනීමට නවසීලන්තය සමත්වුණා.
මේ අතර අද (09) දිනයේ ඩුබායිහි දී පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරඟයේ දී ඉන්දියාව නවසීලන්තය හමුවේ පරාජය වුවහොත් ඉන්දීය නායක රෝහිත් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යාමට වැඩි අවස්ථාවක් පවතින බව ඉන්දීය වාර්තාවක් සඳහන් කරනවා.
ඉන්දියාව මෙම තරගය ජයග්‍රහණය කළහොත්, රෝහිත්ගේ තීරණය පිළිබඳව පැහැදිලි බවක් නොමැති බව ද එම වාර්තාවේ සඳහන්.
මෙම අවසන් තරඟය ඉන්දියාව ජයග්‍රහණය කළහොත්, රෝහිත් එක්දින තරඟවල ක්‍රීඩකයෙකු ලෙස පමණක් ඉදිරියට යාමට වැඩි හැකියාවක් පවතින බව වාර්තාවේ තවදුරටත් දැක්වෙනවා.
එහිදී ඔහු නායකත්වයෙන් ඉවත්ව එම වගකීම වෙනත් තරුණ ක්‍රීඩකයෙකු වෙත පැවරීමට ද සූදානමක් පවතින බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා හෝ ආරම්භක පිතිකරුවෙක්වන ශුබ්මන් ගිල් වෙත එම වගකීම පැවරෙනු ඇති බවයි අදාළ වාර්තාව මඟින් පවසන්නේ.
මේ වනවිට 37 හැවිරිදි වියේ පසුවන රෝහිත් ශර්මා සිය ක්‍රිකට් ආනගතය සම්බන්ධයෙන් ගනු ලබන්නේ කුමන තීරණයක් ද යන්න පිළිබඳව නිශ්චිතවම දැනගැනීමට නම් අද (09) පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරගයේ ප්‍රතිඵලය දෙස බලා සිටිය යුතු වනවා.