Latest News

FIFA පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වෙනස්ම තරගයක තොරතුරු එළියට

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාපන්දු ලෝක කුසලානයේ සියවස් සැමරුම වෙනුවෙන් 2030 වසරේ පැවැත්වෙන අදියරේදී රටවල් 64කට ලෝක කුසලාන වරම් හිමිකරදීමට ලෝක පාපන්දු සම්මේලනය (FIFA) තීරණය කර තිබෙනවා.

උරුගුවේ රාජ්‍යයේ සත්කාරකත්වය යටතේ පාපන්දු ලෝක කුසලානය පළමුවෙන්ම 1930 වසරේදී ආරම්භ වූ අතර, 2030 වසරේ දී ඊට වසර 100ක් සම්පූර්ණ වනවා.

2030 වසරේ පාපන්දු ලෝක කුසලානය අප්‍රිකානු රටක්වන මොරොක්කෝව සහ යුරෝපීය රටවල් ද්විත්වයක්වන ස්පාඤ්ඤය හා පෘතුගාලයේ සමසත්කාරකත්වය යටතේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ එලෙස මහාද්වීප දෙකකින් රටවල් තුනක් සත්කාරකත්වය දක්වන පළමු අවස්ථාවද එය වනු ඇති.

කෙසේ නමුත් 100වන සංවත්සරය සැමරීම සඳහා ආර්ජන්ටිනාව, පැරගුවේ සහ උරුගුවේද තරග 3ක් පැවැත්වීමට ලෝක පාපන්දු සම්මේලනය සැලසුම්කර තිබෙනවා.

2026 පාපන්දු ලෝක කුසලානයද අමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවල සමසත්කාරකත්වයෙන් පැවැත්වෙන අතර, එම තරගාවලියේදීද ක්‍රීඩාකරන කණ්ඩායම් සංඛ්‍යාව 32 සිට 48 දක්වා ඉහළදමා තිබෙනවා.

World News

Send your contact Details Today