Latest News

අනපේක්ෂිත හිම කුණාටුවක් නිසා අමරිකාවේ මිලියන 108ක ජනතාවට අනතුරු ඇඟවීම්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ මධ්‍යම හා නැඟෙනහිර කලාපයේ පැතිරී යන දරුණු හිම කුණාටු හේතුවෙන් පුද්ගලයන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දරුණු කාලගුණ තත්ත්වයක් උද්ගත වීමෙන් එම හිම කුණාටු වර්ධනය වී ඇති අතර, විමසිල්ලෙන් පසුවන ලෙස එම පළාතේ මිලියන 108ක ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

නෙබ්‍රස්කා සහ මිසිසිපි ප්‍රාන්තවල තිදෙනකු බැගින් මිය ගොස් තිබෙන බව සඳහන්.

පැසිෆික් සාගරයේ සිට දරුණු කුණාටුවක් කඩා වැදීමේ අවදානමක් මතු වී ඇති බවද එරට කාලගුණ විද්‍යා ඒකකය නිවේදනය කර තිබෙනවා.

පවතින හිමකුණාටු තත්ත්වය සැලකිල්ලට ගෙන කැන්සාස් නුවර සිට වොෂින්ටන් නුවර බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 1,500කට අධික ප්‍රමාණයක් අවලංගු කිරීමට හෝ ප්‍රමාද කිරීමට සිදුවූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

World News

Send your contact Details Today