Latest News

ලොව පුරා කතුන්ගේ දවස අදයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා.

ලොව විවිධ රටවල දී කාන්තාවන්ට තවදුරටත් විඳීමට සිදුව ඇති දුක් ගැහැට පිළිබඳව අවදානය යොමු කරමින් 1974 වසරේදි එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ලෝක කාන්තා දිනය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එතැන් සිට අද දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු සාමාජික රටවල් විසින් සෑම වර්ෂයකම මාර්තු 08 වනදා ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබනවා.

සියලුම කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා අයිතිවාසිකම්, සමානත්වය සවිමත්කිරීම යන්න මෙවර කාන්තා දින තේමාව වී තිබෙනවා.

කාන්තා දිනයට සමගාමීව “තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක්” යන්න ප්‍රධාන තේමාව කරගනිමින් ජාතික සහ ප්‍රාදේශීය මට්ටමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙනවා.

World News

Send your contact Details Today