Latest News

Tesla මෝටර් රථ මාදිලි දෙකක් නැවත කැඳවීමට පියවර

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෘදුකාංග ගැටලුවක් හේතුවෙන් Tesla මෝටර් රථ මාදිලි දෙකක් නැවත කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

මෙම මෘදුකාංග ගැටලුව ඔස්සේ වාහනයේ සුක්කානම නිසි පරිදි ක්‍රියාත්මක විය නොහැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ.

2022 සහ 2023 වසරවල වෙළඳපොළට නිකුත් වූ Y සහ 3 යන මාදිලි දෙකට අයත් වාහන 300 කට අධික ප්‍රමාණයකට මේ ඔස්සේ බලපෑම් ඇතිවිය හැකි බවටයි අනුමාන කෙරෙන්නේ.

අදාළ දෝෂය හේතුවෙන් රිය අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බව හඳුනාගෙන තිබෙනවා.

වාහනවල මෘදුකාංග යාවත්කාලීන කිරීම හරහා මෙම ගැටළුව විසදා ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ප්‍රවාහන දෙපාර්තුමේන්තු නිල වෙබ් අඩවියට පිවිසීම ඔස්සේ ලබාගත හැකියි.

World News

Send your contact Details Today