Latest News

රාමසාන් උපවාසය අවසන් කරන මොහොතක දී පකිස්තානයේ සිදු වූ ඛේදවාචකය

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වයඹදිග පකිස්තානයේ හමුදා කඳවුරකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙක් මිය ගොස් තවත් 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

පුපුරණ ද්‍රව්‍ය පිරවූ වාහන දෙකක් පළමුව කඳවුරේ තාප්පයේ ගැටීමට සලස්වා පිපුරුවා හැර ඇතැයි වාර්තා වනවා.

ඉන් පසු තවත් ප්‍රහාරකයින් කණ්ඩායමක් කඳවුරට ඇතුලු වී වෙඩි තැබීමක් කර තිබෙනවා.

එහිදී හමුදාව එල්ල කළ ප්‍රති ප්‍රහාරයෙන් තුවක්කුරුවන් 8 දෙනෙක් මිය ගියා.

මිය ගිය පිරිස අතර දරුවන් සිව්දෙනෙක් ද සිටිනවා.

පිපිරීමෙන් අසල නිවාස හ දේවස්ථානයකට ද හානි වූ අතර රාමසාන් උපවාසය අවසන් කිරීමේ යාඥා මෙහෙයක් සිදු වන අතරතුර ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

තුවාල ලැබූවන් අතර දේවස්ථානයේ කඩා වැටුණු වහළට යට වූ බැතිමතුන් ද වනවා.

පකිස්තානු තලේබාන් සංවිධානයට අනුබද්ධ කණ්ඩායමක් මෙම ප්‍රහාරයේ වගකීම භාර ගත්තා.

ඉරිදා ආරම්භ වූ රාමසාන් උපවාස සමය තුළ පාකිස්තානයේ සිදු වූ තුන්වන සටන්කාමී ප්‍රහාරය මෙයයි.

World News

Send your contact Details Today