Latest News

සුපිරි හොලිවුඩ් නළුවා, පුද්ගලයන් 900 දෙනෙකුගේ ණය බරට සහනයක් දෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හොලිවුඩ් සුපිරි නළු මයිකල් ෂීන් සිය ධනයෙන් පවුම් මිලියනයක් වැය කර දකුණු වේල්සයේ පදිංචි 900 දෙනෙකුගේ ණය මුදල් ගෙවා තිබෙනවා.

මේ සඳහාම ඔහු ණය අත්පත් කර ගැනීමේ සමාගමක් ආරම්භ කර තිබුණා.

මේ හරහා ඔහුගේ ෂීන් අරමුණ වන්නේ රටේ වඩාත්ම අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගෙන් බැංකු සහ මූල්‍ය සමාගම් ලාභ ලබන ආකාරය හෙළි කිරීම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් ඔහු සඳහන් කර ඇත්තේ, විසි කිරීමට තරම් තමා සතුව මුදල් නොමැති නිසා මෙලෙස සමාගමක් ආරම්භ කළ බවයි.

තවද, මෙම සමාගම ෂීන්ගේ නමින් පිහිටුවා නොමැති අතර ඔහු එයට සැලකිය යුතු මට්ටමින් බාහිරව දායක වී තිබෙනවා.

ණය පියවූ ජනතාවගේ අනන්‍යතාවය ද ඔහු නොදැන සිට ඇති අතර, ඔවුන් ජීවත් වූ ස්ථානය සහ එය කුමන ආකාරයේ ණය මුදලක් ද යන්න පමණයි ඔහු දැනුවත්ව ඇත්තේ.

World News

Send your contact Details Today