Latest News

ඔස්ට්‍රේලියා ශිෂ්‍ය වීසා ගාස්තු ගැන සුබ පුවතක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර අධ්‍යාපනයට ප්‍රමාණවත් සහය ලබාදෙන්නැයි ඔස්ට්‍රේලියා ජාත්‍යන්තර අධ්‍යාපන සංගමය (IEAA) දේශපාලනඥයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඉදිරි ෆෙඩරල් මැතිවරණයෙන් ජයග්‍රහණය කරන රජයෙන් සංගමය ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියා ජාත්‍යන්තර අධ්‍යාපන සංගමය (IEAA) සාමාජිකයින් 4,000 කට වැඩි සංඛ්‍යාවකින් යුක්ත වනවා.

ආර්ථික සංවර්ධනය සඳහා නිපුණතා ඒකාබද්ධ කිරීම, ප්‍රජා ඒකාබද්ධතාවය වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික බලය මෘදු ලෙස යොදා ගැනීම, යන තේමාවන් සඳහා බලයට පත්වන රජය සහය වනු ඇතැයි ඔවුන්ගේ විශ්වාසය පළකරනවා.

මෙහිදී ඔස්ට්‍රේලියා ජාත්‍යන්තර අධ්‍යාපන සංගමය විසින් ඉදිරි වසර 10 සඳහා ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා නව ජාත්‍යන්තර උපාය මාර්ගයන් ද හඳුන්වා දී තිබෙනවා.

ජාත්‍යන්තර බඳවා ගැනීම් සීමා කිරීමට අදාල නීති පැනවීමට පවතින ෆෙඩරල් රජය තීරණ කළද සැපයුම්කරුවන් වෙනුවෙන් සාධාරණ හා ඵලදායී තීන්දු ලබාදෙන ලෙසයි සංගමය ඉල්ලා සිටින්නේ.

සංගමයට අවශ්‍ය වී ඇත්තේ ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා ප්‍රමාණවත් ලෙස අරමුදල් සපයන බවට සහතික වන රජයක් බව ඔවුන් අවධාරණය කළා.

සංචාරක ක්ෂේත්‍රයට ලබාදෙන මූල්‍යමය සහ වෙනත් ආධාර ජාත්‍යන්තර අධ්‍යාපනයට ද ආයෝජනය කරන්නැයි සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

ඔස්ට්‍රේලියාව මේ වනවිට ලෝකය ඉහළ ම ශිෂ්‍ය වීසා අයදුම්පත් ගාස්තුව වන ඩොලර් 710 සිට 1,600 දක්වා වැඩි කිරීමට පසුගියදා තීරණය කර තිබෙනවා.

එබැවින් කෙටි පාඨමාලා හදාරන විදේශීය සිසුන්ට සියයට 50 කින් ශිෂ්‍ය වීසා ගාස්තුව අඩු කරන ලෙසයි ඔස්ට්‍රේලියා ජාත්‍යන්තර අධ්‍යාපන සංගමය ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටින්නේ.

World News

Send your contact Details Today