Latest News

ස්ටීවන් ස්මිත් සමුගැනීම ප්‍රකාශ කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රෙලියානු එක්දින ක්‍රිකට් නායකත්වය ගෙන කටයුතු කළ මුල් පෙළ පිතිකරුවෙකු ලෙස සැලකෙන ස්ටීවන් ස්මිත් ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (04) චැම්පියන්ස් කුසලාන අවසන් පූර්ව වටයේ දී ඉන්දියාව හමුවේ කඩුලු 04කින් පරාජයට පත් වූ ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට නායකත්වය දුන්නේ ද ස්ටීවන් ස්මිත්.

එම තරගයේ දී ද කණ්ඩායමේ නැංගූරම වූ ස්මිත් ලකුණු 73ක් රැස් කළා.

තමන් ජාත්‍යන්තර ටෙස්ට් පිටිය කෙරෙහි වැඩි නැඹුරුවක් යොමු කිරීම එක්දින පිටියෙන් ඉවත් වීමට හේතුව ලෙසයි ස්මිත් නිවේදනය කර ඇත්තේ.

කෙසේවෙතත් ඉදිරියේ දී ස්මිත් පන්දුවාර 20 තරග රටාවේ ද දැකිය හැකි වනු ඇති.

ඒ අනුව ස්මිත් නිවේදනය කර ඇත්තේ 2027 වසරේ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා තමන් එක් නොවන බවයි.

35 හැවිරිදි ස්මිත් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 170කට ක්‍රීඩා කළ ලකුණු 5,800ක් ලබා තිබෙනවා.

ඊට එක්දින ශතක 12ක් සහ අර්ධ ශතක 35ක් ඇතුළත්.

එක්දින දිවියේ ස්ටීවන් ස්මිත් ලැබූ වැඩිම ලකුණු වන්නේ ලකුණු 164 යි.

World News

Send your contact Details Today