Latest News

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මාර්තු මාසය අග සතියේ දී ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වය අජින්ක්‍යා රහනේට හිමි ව තිබෙනවා.

එහි උප නායකත්වය හිමි ව ඇත්තේ වෙන්කටේෂ් අයියර් හටයි.

ඉන්දීය රුපියල් කෝටි 23.75කට අයියර් අළෙවි වුණා.

වත්මන් ශූරයන් වන කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම නව මුහුණුවරකින් මෙවර නායකත්වය පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

“IPL හි වඩාත්ම සාර්ථක කණ්ඩායමක් වන KKR කණ්ඩායමට නායකත්වය දීමට ඉල්ලා සිටීම ගෞරවයක්,” ලෙස රහනේ සඳහන් කළා.

“අපිට විශිෂ්ට හා සමබර කණ්ඩායමක් ඉන්නවා කියලා මම හිතනවා. මම හැමෝම එක්ක වැඩ කරලා අපේ ශූරතාව ආරක්ෂා කිරීමේ අභියෝගය භාරගන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පවසා තිබෙනවා.

World News

Send your contact Details Today