Latest News

ප්‍රබල ඉන්දියාවට එරෙහිව තරග වදින ප්‍රතිවාදියා තීරණය කරන දිනය අදයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චැම්පියන්ස් කුසලානයේ අවසන් මහා තරගයට ප්‍රබල ඉන්දියාවට එරෙහිව තරග වදින ප්‍රතිවාදී කණ්ඩායම කවුරුන් දැයි තීරණය කෙරෙන රාත්‍රිය අද (05) දින යෙදී තිබෙනවා.

ඒ දෙවැනි අවසන් පූර්ව වටයෙන් තරග කරන දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තීරණාත්මක තරගය නිසාවෙන්.

අද පස්වරු 02.30ට තරගය ආරම්භ වන්නේ ලාහෝර් හි දියි.

දකුණු අප්‍රිකාවේ නායකත්වය ටෙම්බා බවුමා විසින් දරනු ලබන අතර මිචෙල් සැන්ට්නර් විසින් නවසීලන්තය මෙහෙයවනු ලබනවා.

ඊයේ (04) දිනයේ ඔස්ට්‍රෙලියාව සමග පැවැති පළමු අවසන් පූර්ව වටය කඩුලු 04කින් ජය ගනිමින් ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

World News

Send your contact Details Today