Latest News

අද සිට ක්‍රියාත්මක ට්‍රම්ප්ගේ විශේෂ තීරණය මෙන්න

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනය, කැනඩාව සහ මෙක්සිකෝවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත 25%ක තීරු බදු පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගනු ලැබූ තීරණය අද සිට ක්‍රියාත්මකයි.

මෙම තත්ත්වය හමුවේ ඇමරිකානු කොටස් වෙළඳපොළ පහත වැටී ඇති අතර ඉහළ උද්ධමනයක් ඇතිවීමේ අවධානමක් පවති බවයි ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කළේ.

එමෙන්ම මෙම රටවල් ත්‍රිත්වය සමග ඉතා ඈත අතීතයක සිට පවත්වාගෙන එනු ලබන වෙළඳ හවුල්කාරිත්වයද මෙම තීරණය හරහා බිද වැටෙනු ඇති බවටද එම විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

මීට පෙර අදාළ තීරු බදු සම්බන්ධයෙන් කැනඩා අග්‍රාමාත්‍යවරයා සහ මෙක්සිකෝවේ ජනාධිපතිවරයා සමග ට්‍රම්ප් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණා.

එහි ප්‍රතිඵලය වූයේ දින 30 කාලයක් සඳහා අදාළ තීරුබදු පැනවීම තාවකාලිකව අත්හිටුවීමටයි.

World News

Send your contact Details Today