Latest News

සෙලෙන්ස්කි සමඟ ඇති කර ගත් මතභේදය නිසා යුක්‍රේනය ගැන ට්‍රම්ප් තීරණයක් ගනියි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්‍රේනයට මිලිටරි ආධාර සැපයීම අත්හිටුවා තිබෙනවා.

ඒ යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ ඇති කර ගත් මතභේදය තත්ත්වය තවත් උත්සන්න කරමින්.

පසුගිය 28වැනිදා ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනපති අතර සාකච්ඡා පැවැත්වුණා.

නමුදු එම සාකච්ඡා අනපේක්ෂිත අයුරින් අවසන් වීම සම්බන්ධයෙන් ලොව බොහෝ රටවල අවධානය යොමු වුණා.

ජනාධිපතිවරුන් දෙපළ අතර සාකච්ඡාවෙන් පසු පැවැත්වීමට තිබූ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව සහ ගිවිසුම් අත්සන් කිරීම යන අවස්ථා වහාම අවලංගු කළ ට්‍රම්ප් ජනාධිපතිවරයා සෙලෙන්ස්කිට ධවල මන්දිරයෙන් පිටව යන ලෙස උපදෙස් ලබා දුන් බවයි ධවල මන්දිරය නිවේදනය කළේ.

මේ අතර, මෙම සිදුවීමෙන් පසු යුරෝපා සංගමය මෙන්ම, බෙල්ජියම, ක්‍රොඒෂියාව, එස්තෝනියාව, ෆින්ලන්නය, අයර්ලන්තය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, පෘතුගාලය, ස්ලෝවේනියාව, ස්පාඤ්ඤය සහ ස්වීඩනය ජර්මනිය ඇතුළු රටවල් රැසකින් යුක්‍රේන් ජනපතිවරයාට සහාය පළකරනු ලැබුවා.

World News

Send your contact Details Today