Latest News

බ්‍රිතාන්‍යයේ මරණ අනුපාතය ගැන නවතම හෙළිදරව්වක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රිතාන්‍යයේ මරණ අනුපාතය වාර්තාගත අවම මට්ටමකට ළඟා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස බ්‍රිතාන්‍යයේ මරණ අනුපාතය වාර්තාගත අවම මට්ටමකට ළඟා වී ඇත්තේ පසුගිය වසරේදී බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.

එය කොවිඩ් ආරම්භ වූ 2019 වසරට පෙර පැවති තත්ත්වයට වඩා තරමක් අඩු බව විද්‍යාඥයින් පවසනවා.

කෙසේ වෙතත් තරුණ හා වැඩ කරන වයස්වල මරණ අනුපාතයේ සැලකිය යුතු වැඩිවීමක් ද පෙන්නුම් කර තිබෙන බව එරට මාධ්‍ය සඳහන් කළා.

මේ අනුව 1974 වසරේ සිට 2011වසර දක්වා බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි මරණ අනුපාතය අඩකින් අඩු වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

දුම්පානය වැළැක්වීම සහ වෛද්‍ය දියුණුව මෙන්ම හෘද රෝග මර්දනයේ වැඩිදියුණු කිරීම් මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today