Latest News

රෝහිත් ෂර්මාව සමාජ මාධ්‍යයේ ලැජ්ජාවට පත් කළ ඉන්දීය දේශපාලන නායිකාවට දැඩි විරෝධයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ප්‍රකාශිකා ෂාමා මොහොමඩ් විසින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා සමාජ මාධ්‍යයේ දැඩි ලෙස විවේචනය කිරීම සහ ලැජ්ජාවට පත් කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

මෙම තත්ත්වයත් සමඟ ආචාර්ය ෂාමා මොහොමඩ්ට සිය එක්ස් ගිණුමේ පළ කළ එම සටහන් මකාදැමීට දැනුම් දුන් බවයි පක්ෂයේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ සභාපති පවන් ඛේරා පැවසුවේ.

එමෙන්ම ඉදිරියේ දී සමාජ මාධ්‍ය භාවිතයේ දී වඩාත් ප්‍රවේශම්වන ලෙසත් ඇයට අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාව සහ නවසීලන්තය අතර චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ඊයේ (02) පැවති තරගය අතර තුර එක්ස් ගිණුමේ සටහනක් තබමින් කොංග්‍රස් පක්ෂයේ ප්‍රකාශිකා ෂාමා මොහොමඩ් පවසා ඇත්තේ “රෝහිත් ෂර්මා ක්‍රීඩකයෙකු ලෙස මහතයි” යනුවෙන්.

“බර අඩුකර ගත යුතුයි! ඇත්ත වශයෙන්ම ඉන්දියාවේ වඩාත්ම ආකර්ෂණීයත්වයෙන් අඩු නායකයා” ශර්මා බවයි ඇය වැඩිදුරටත් එහි දක්වා ඇත්තේ.

මෙම එක්ස් සටහනත් සමඟ කොංග්‍රස් පක්ෂයේ විරුද්දවාදීන් සහ ඉන්දීය ක්‍රිකට්ලෝලීන් ඊට දැඩි විරෝධයක් එල්ලකරමින් ප්‍රතිචාර දක්වා සිටියා.

මේ අතර කොංග්‍රසයේ ප්‍රධාන ප්‍රතිවාදියාවන භාරතීය ජනතා පක්ෂ පවසන්නේ මෙවැනි ප්‍රකාශ තුළින් කොංග්‍රස් පක්ෂයේ මානසිකත්වය පිළිඹිබුවන බවයි.

මෙවැනි විරෝධතා මධ්‍යයේ ෂාමා මොහොමඩ් විසින් අදාළ එක්ස් සටහන් ඉවත්කර ගැනීමට කටයුතු කර ඇති අතර, සිදු වූ දේ සම්බන්ධයෙන් කණගාටුව පළ කිරීමක් සිදුකර තිබුනේ නැහැ.

World News

Send your contact Details Today