Latest News

ශ්‍රෙයා ගෝෂාල්ට සයිබර් ප්‍රහාරයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ ජනප්‍රිය පසුබිම් ගායිකාවක් වන ශ්‍රෙයා ගෝෂාල්ගේ X ගිණුමට සයිබර් ප්‍රහාරයක් සිදු වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ශ්‍රෙයා ගෝෂාල් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් සිය රසිකයන්ට මේ බව දැනුම් දී තිබුණා.

ඇය පවසා ඇත්තේ , සිය X ගිණුම පසුගිය පෙබරවාරි මස 13 වන දින සිට හැක් කර ඇති බවයි.

එය නැවත් සිය පාලනය යටතට ගැනීමට උත්සහ කළ ද එය ව්‍යාර්ථ වූ බව ඇය පවසා තිබෙනවා.

එබැවින් ඇය සිය රසිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ අදාළ X ගිණුමෙන් පළ කරන කිසිදු පොස්ටුවකට, සටහනකට, පණිවුඩයකට හෝ දැනුම්දීමකට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන ලෙසටයි.

එමෙන්ම ඇය වැඩිදුරටත් සිය රසිකයින්ට පවසා ඇත්තේ සිය X ගිණුම යථා තත්ත්වය පත් වූ විගස වීඩියෝවක් හරහා ඒ බව දැනුම් දෙන බවයි.

World News

Send your contact Details Today