Latest News

සුරතල් බළලාගේ වියෝව දරාගත නොහැකිව, බළලා සමඟම කාන්තාවක් අවසන් ගමන් යයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තම සුරතල් බළලාගේ මරණයෙන් ශෝකයට පත් වූ කාන්තාවක්; බළලාගේ මරණයෙන් දින තුනකට පසු සියදිවි නසා ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

උත්තර් ප්‍රදේශ්හි අම්රෝහා ප්‍රදේශයේ කාන්තාවක් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති අතර, මිය ගිය බළලා නැවත ජීවයට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් එම කාන්තාව සත්වයාගේ සිරුර දින දෙකක් තමා අසල තබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දික්කසාදයෙන් පසු සිය දෙමාපියන්ගේ නිවසේ රැඳී සිටි ඇති 32 හැවිරිදි මෙම කාන්තාව තනිකමට මුහුණදීම සඳහා සුරතල් බළලෙකු හදාවඩා ගෙන තිබෙනවා.

එම බළලා පසුගිය බ්‍රහස්පතින්දා මිය ගොස් ඇති අතර, ඇගේ මව සත්වයා භූමදාන කිරීමට යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම කාන්තාව එය ප්‍රතික්ෂේප කර ඇති අතර, නැවත ජීවයට පැමිණෙන බවට විශ්වාසයෙන් බළලාගේ මළ සිරුර දින දෙකක් නිවසේ තබා ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

ඇගේ මව සහ අනෙකුත් පවුලේ සාමාජිකයන් එය භූමදාන කිරීමට ඇයට ඒත්තු ගැන්වීමට උත්සාහ කළ නමුත් ඇය දැඩි ලෙස ඊට විරුද්ධ වී තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය පළමු වන දා දහවල් එම කාන්තාව නිවසේ තුන්වන මහලේ ඇගේ කාමරයේ අගුලු දමාගෙන සිවිලිමේ විදුලි පංකාවේ එල්ලී සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අසලම මියගිය බළලාගේ සිරුර ද තිබී හමුව ඇති අතර, අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් සාක්ෂි රැස් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today